08 December 2011

◄Final Destination 5 (DVD RIP)│මරණයේ සැලසුම

 

final-destination-5-movie-poster-02

 

 

      ඔන්න කට්ටියම පුල පුලා බලන් හිටපු Film එකක DVDrip එක අද එලියට ඇවිත් තියෙනවා. Final Destination කියන චිත්‍රපට මාලාවේ 5 වන චිත්‍රපටය. චිත්‍රපට 5 ක් දක්වා යන්න මේ චිත්‍රපටය කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අන්තර්ජාලයේ සැරිසරන අයගෙන් මේ චිත්‍රපට මාලාවෙන් එකක් හෝ නරඹල ඇති. හරි හරි ඔන්න පම්පෝරිය නවත්තල film එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.

     අනිත් හැම චිත්‍රපටයක වගේම මේකෙත් මාරයාගේ සැලසුම් වලින් පැනල යන්න උත්සාහ කරන කට්ටියක් ගැන තමයි කියවෙන්නෙ. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කවුද අකමැති. ඒත් මාරය අපිව එක්කගෙන යන්න ගහන සැලසුම් දන්නෙ ඌ විතරමයි. ඒත් ඒ සැලසුම් සියල්ල කලින්ම පෙනෙන කෙනෙක් මේ සැලසුම් වලින් පැනල ගිහින් තමන්ගෙ ආයු කාලය වැඩි කරගන්නයි උත්සාහය. කාට බොරු කරත් මරණයට බොරු කරන්න පුලුවන්ද? මෙහි Sam කියන පුද්ගලයාටත් ඔන්න ඔය වගේ මරණයේ පෙරනිමිති පේන්න ගන්නවා. ඔවුන් ගමන් කරන පාලමක් කඩන් වැටීමක් ගැන. එම පෙරනිමිත්ත අධාරයෙන් Sam ට පුළුවන් වෙනව තමන් සහ තමන්ගෙ යාළුවන් එම අවස්ථාවේදී මරණයෙන් ගලවගන්න. ඒත් ඒ කොච්චර කාලෙකටද? මාරයාගේ සැලසුම් වලින් හැමදාටම මේ අයට ගැලවෙන්න පුලුවන්ද? කියල දැනගන්න නම් film එක download කරගෙනම බලන්න.

මේක උණු උණුවෙම release උන නිසා තාම මට mediafire links නම් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේ torrent එකෙන් අරගෙන බලන්න.

RESOLUTION-640x272

DOWNLOAD

- Short-Kutz -

05 December 2011

◄ Blog එකේ Related Posts වල Slides පෙන්වන ක්‍රමයක්

 

ඔව් wordpress blogs වල මීට කලින් ඔබ කවුරුත් දැකල තියෙන related posts slides දැන් blogspot blogs වලටත් දාන විදියක් තමයි මම කියල දෙන්න යන්නෙ. මෙමගින් ඔබගේ blog අඩවියට එන visitors ලට page එකේ දකුණු පහල කෙලවරේ related posts recommend කරන slide එකක් දැකගන්න පුළුවන්. මගේ blog එකේ පහලට scroll කරල බලන්නකෝ. මෙන්න මේ වගේ පෙනෙයි.

Capture

අපි බලමු මේක අපේ blogspot blog එකකට දාගන්නෙ කොහොමද කියල. Winking smile

  • මුලින්ම Simple Reach කියන අඩවියට ගිහින් Sign up වෙන්න.
  • Sign up වීමේදී ඔබට මෙම widget එක ඇතුලත් කරන්න අවශ්‍ය blog එකේ URL එක ලබා දෙන්න.
  • පසුව ඔබගේ account page එක මේ විදියට පෙන්වයි.

slide1

  • මෙහි සඳහන් වෙන විදියට දෙවනුව ඔබගේ platform එක blogger ලෙස තෝරාගන්න.
  • තෙවනුව blogger account එකට log වෙලා එහි Design > Edit HTML > Downoad Full Template” යන්න click කර ඔබ දැනට බාවිතා කරන template එක download කරගන්න. (මෙම template එක backup කරගන්නවානම් වඩාත් සුදුසුයි, මොකද යම් බලාපොරොත්තු නොවූ වෙනසක් සිදු උනොත් ආයෙම backup කරගනිපු template එක upload කරන්න පුළුවන් නිසා)
  • පසුව රූපයේ 4 ලෙස සඳහන් කල තැන තියෙන “choose file” යන්නෙන් download කරගත් අපගේ template එක මෙම අඩවියට upload කරන්න.
  • ඉන්පසු මෙලෙස දිස්වෙයි.

slide2

  • මෙහිදී step 5 හි සඳහන් තැනින් ඔබගේ අලුත්වැඩියා වුනු template එක download කරගන්න.
  • step 6 හි සඳහන් පරිදි ඒ ලබාගත් නව template එක blogger වෙත ගොස් design > Edit HTML වෙත පිවිස එහි ඉහලින්ම ඇති “choose file” යන්නෙන් නව etmplate එක තෝරාගෙන upload කරන්න.
  • පසුව step 7 හි පරිදි “save template” දෙන්න.
  • ඔන්න දැන් ඔබගේ related posts slides widget එක දැන් දාල ඉවරයි.

* වැදගත් -

  1. මෙය ඔබගේ home page එක තුල ක්‍රියාත්මක නොවේ. posts වලට අදාළ පිටුවල පමණක් ක්‍රියාත්මක වේ.
  2. ඔබගේ සියලුම පෝස්ට්ස් මේ widget එකට ඇතුලත් කරගැනීම සඳහා මිනිත්තු 30 ක පමණ කාලයක් ගතවේ. එය ස්වයන්ක්‍රීයව සිදුවන නිසා ඔබ ඒ ගැන කලබල නොවන්න.

 

- Short-Kutz -

◄ අළුත් Google navigation bar එක කොහොමද කියල බැලුවද?

 

අළුත් Google navigation bar එක කිව්වම බලයි කෝ අපේ එහෙම එකක් නෑනෙ කියල. නැති හින්ද තමයි මේ දාගන්න විදිය කියල දෙන්න යන්නෙ Smile with tongue out

ඇත්තටම අළුත් navigation bar එක ආකර්ශනීය පෙනුමකින් සහ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියටයි හදල තියෙන්නෙ. ඉතින් ඔන්න chrome වලට firefox වලට Internet Explorer වලට කියල වෙන් කරන්නෙ නැතුව හැමෝටම මේක අත්හදා බලන්න පුළුවන් විදිය කියල දෙන්නම්. Smile

  • ඔබ Chrome, Mozilla Firefox, Apple Safari හෝ Internet Explorer 8+ පාවිච්චි කරන කෙනෙක් නම් මුලින්ම www.google.com වලට යන්න.
  • ඔබ chrome භාවිතා කරන කෙනෙක් නම් එහි JavaScript console open කරගන්න Ctrl+Shift+J press කරන්න. Firefox වලනම් මේකට Ctrl+Shift+K press කරන්න. Internet explorer වල නම් F12 press කරාම හරි.
  • ඔබ Apple Safari user කෙනෙක් නම් “Web Inspector” access කිරීමට ප්‍රථමයෙන් “Develop menu” එක on කරගන්න ඕන. ඒ සදහා පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න.
    1. Safari Preferences open කරල “Advanced” tab එක මත click කරන්න.
    2. “Show Develop menu in menu bar” ට අදාලව ඇති කොටුව සලකුණු කරල Preferences window එක close කරන්න.
    3. “Develop” ලෙස නම්වුනු අළුත් safari menu item එකක් දිස්වෙයි.
    4. දැන් google.com පිටුවෙහි right click කරාම Inspect කියන තැනට පිවිසෙන්න
  • දැන් මෙතන ඉඳන් ඉදිරියට ඉහත සඳහන් browser සියල්ලම පාවිච්චි කරන අයට මේ ටික පොදුයි. දැන් කට්ටියම “console” tab එකට යන්න. ගිහින් පහත සදහන් code එක copy කරල paste කරන්න, පස්සෙ enter කරල “console” tab එක close කරල දාන්න.

document.cookie="PREF=ID=03fd476a699d6487:U=88e8716486ff1e5d:FF=0:LD=en:CR=2:TM=1322688084:LM=1322688085:S=McEsyvcXKMiVfGds; path=/; domain=.google.com";window.location.reload();

ඔය තියෙන්නෙ දැන් අළුත් Navigation Bar එක

gbar 1

gbar2

මම රතුපාටින් සටහන් කරල තියෙන google.com කියන තැනට google.lk දුන්නොත් මේක google.lk වලටත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ සඳහා පළමු පියවරේම google.com වෙනුවට google.lk වල ඉඳන් ආරම්භ කරන්න. හැබැයි ඒකෙ නම් “more” කියන තැනට ගියාම එන්නෙ මෙන්න මේ වගේ reader එක විතරයි. Crying face

gbarlk

බලන්නකො එහෙනම් අළුත් Google navigation bar එක කොහොමද කියල. Thumbs up

- Short-Kutz -

04 December 2011

◄ Short-Kutz > Google+ වෙත

 

G shortkutz

බ්ලොග් ලියන්න අරන් ඉතාම කෙටි කාලයකින් ඔබ සැමගෙන් ලැබුණු ප්‍රතිචාර ඉමහත් ලෙස අගය කරන ගමන් වටිනා දෙයක් දෙන්න පුළුවන් උනා නම් ඒක තමයි මගේ සතුට. Smile

ඉතින් වෙනස් වෙන ලෝකෙ අපි විතරක් එක තැන පල් වෙන්නෙ මොකද? ඔයාලගෙ Blog එකටත් Goole page එකක් create කරගත්තද? හදපු නැති අය මුලින්ම google + වල ගිණුමක් හදාගෙන පස්සෙ බ්ලොග් එකටත් page එකක් create කරගන්න. ඔන්න ඉතින් කියන්න යනදේ නෙමෙයි කියවෙන්නෙ, හැමදාම එක එක දේවල් කියල දීල තව ටිකෙන් මේකත් tips & tricks පෝස්ට් එකක් වෙනවා. Don't tell anyone smile

Short Kutz අපිත් Google+ වල දැන් ඉන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියන පුංචි ආරාධනාව කරන්නයි මේ සටහන තියන්නෙ. වෙනදට වඩා ලේසියෙන් අපේ අලුත් අලුත් පෝස්ට් බලාගන්න මේක පහසුවක් වෙයි. මෙන්න මෙතනින් අපේ පිටුවට පිවිසෙන්න පුළුවන්

https://plus.google.com/111055916401024958132

Google + වල නැති අය facebook පිටුවත් එක්ක උනත් සම්බන්ධ වෙන්න පුළුවන්.

http://www.facebook.com/ShortKutz.lk

ඔන්න ඔය ආරාධනාව කරන්න තමයි මේ සටහන තිබ්බෙ. මේ තරම් සුළු කාලයකින් වටිනා දෙයක් දෙන්න පුළුවන් උනා නම් ඒ ඒක දෙයකින් හරි ඔබ ප්‍රයෝජනයක් ගත්තා නම් ඒ හැමදෙනාටම බොහොමත්ම ස්තුති. Thumbs up

- Shot-Kutz -

03 December 2011

◄ Windows phone 7.5 mango ඕනෑම smatphone එකක අත්හදා බලමු.

2011-12-01-10h51_40

මාතෘකාව දැකපු ගමන් කාට උනත් තේරුම් යයිනේ මං මොනව ගැනද අද කියන්න යන්නේ කියල. android, iOS කියන දැනට mobile phone OS වල පෙරලිකාරයන්ට windows phone 7.5 mango හොඳ අභියෝගයක් කරල තියෙනවා. ඇත්තෙන්ම කියනවනම් අපි කොච්චර android lover කෙනෙක් උනත් iOS lover කෙනෙක් උනත් windows phone 7.5 mango වල interface දැක්ක ගමන් පොඩ්ඩක් ටොයිං වෙලා යනව , ඔව් ඔව් ඒ කියන්නෙ මෙව්ව වෙනව Smile with tongue out. ඇත්තම කිව්වොත් මේ tiled, vertical OS එක කාගෙත් දැකපු ගමන් සිත ඇද බැඳ ගන්නවා.

ඉතින් අපිට අපේම අතේ තියෙන iPhone, Android device එකේ හෝ වෙනත් smartphone එකක එහෙමත් නැත්නම් ඔයාලගේ Tab එකේ හරි මේ windows phone 7.5 mango අත්හදා බලන්න demo එකක් ලබාදීල තියෙනවා. install කරන්න download කරන්න දඟලන්න කිසි දෙයක් නැහැ. කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකට යන්නයි. එච්චරයි

http://aka.ms/wpdemo

* මෙන්න පෝස්ට් එක බලපු අයට windows phone 7.5 mango එකේ ringtones 3 ක්,

Scatter – DOWNLOAD

Special - DOWNLOAD

Colours - DOWNLOAD

* මේ තියෙන්නෙ මගේ android phone එකෙන් ගනිපු screen captures ටිකක්.

SC20111203-114358SC20111203-114412

SC20111203-114431SC20111203-114602

SC20111203-114612SC20111203-114640

SC20111203-114704

අත්හදා බලපු අය කැමති නම් තමනගේ අදහසත් කියලම යන්න. Ninja

- Short-Kutz -

02 December 2011

◄ IN TIME 2011(R5) │කාලය රන් හා වටී

intime2011


  



    මෙන්න බොහෝ දෙනෙක් ටික කාලයක ඉඳන් DVD RIP එකක් එනකන් බලන හිටපු තවත් මැක්සා movie එකක්. IMDB හි 6.7 ක් ratings අරන් තියෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය Andrew Niccol විසින් සිදු කර තිබෙනවා. අපි කවුරුවත් මෙතෙක් හිතපු නැති අමුතුම විදියේ කතන්දරයක් තමයි මේකෙ යන්නෙ.
අනාගතයේ එළැඹෙන යම් දිනෙක මිනිසුන් වයස් ගත වීම අවුරුදු 25 න් නැවතුනොත්? වයස් ගතවීමේ ජාන ක්‍රියා විරහිත කරොත්? නමුත් ඔවුන්ට තවත් ජීවත් විය හැක්කේ වසරක් පමණක් නම්? ඔව් එදාට කාලය කියන සාධකය රන් හා වටී, ජීවත් වෙන්න මුදල් එකතු කරන අද ලෝකෙ දිනක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කාලය සොයන මිනිස්සු ගැනයි මේ කතාව. download කරගෙනම බලන්න තවත් සුපිරි සිනමා සිත්තමක්.
කාගේත් පහසුවට Mediafire 400MB Links දාන්නම්. (Video – 718 x 308)
Password :  MediafireHBO.COM
Mediafire දාපු ෆිල්ම් එකේ audio quality එක පොඩ්ඩක් අවුල් වගේ (අහන්න බැරි තරම් අවුලක් නම් නෑ ) ඒ නිසා මේ torrent එකෙන් download කරගන්න කැමති අය. Click Here
- Short-Kutz -

28 November 2011

◄10 GB Online Storage එකක් ඕනද?

 

cx3

Online Cloud Storage කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. හැමෝම දන්නව බොහොම ප්‍රසිද්ධ දෙයක්.වගේම වටිනා දෙයක්. අපි අතරේ ප්‍රසිද්ධ cloud storage services කිහිපයකුත් තියෙනවනේ dropbox වගේ. නමුත් අද මං කියන්න යන්නෙ ඒවට වැඩිය වැඩි ධාරිතාවයක් වැඩි ඉඩකඩක් අපට ලබාදෙන cloud storage service එකක් ගැන.

CX, ඔව් එහි නම තමයි CX. එමගින් අපට 10GB Space එකක් free දෙනවා. ඒවගේම අපිට ඒක 300Mb ගානෙ වැඩි කරගන්නත් පුළුවන් අපි යාළුවො refer කරන තරමට. ඔබගේ වටිනා කියන documents,photos,songs,videos මේ වගේ ඕන දෙයක් මේකට දාල සුරක්ෂිතව තියන්න පුළුවන්. ලෝකෙ ඕනෑම තැනකදී ඕනෑම පරිගණකයකින් මෙයට සම්බන්ධ වෙලා එම files access කරන්නත් පුළුවන්.

ඒ වගේම මෙහි තවත් වාසියක් තමයි අපි ඇතුලත් කරපු photo,songs,videos මේකෙ තියෙන web interface එකෙන්ම එවෙලේම නරඹන්නත් පුළුවන්.

www.cx.com කියන ලිපිනයෙන් ඔබට මෙම අඩවියට ගිහින් sign-up වෙන්න පුළුවන්.

cx

ඉන් පසුව ඔබට පුළුවන් මෙහි CX App එක download කරල install කරගෙන ඔබේ වැදගත් වටිනා කියන files CX account එකට upload කරගන්න.

cx1

cx2

මේක windows, Mac, ipad, iphone කියන කොයි එකෙත් වැඩ කරන්න පුළුවන් එකත් ලොකුම පහසුවක්. ඒ වගේම android app එකත් ළඟදීම release කරන්නයි ඉන්නෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ CX safe,secure and easy කියල තමයි. Winking smile

ගිහිල්ල account එකක් හදාගත්තට පාඩුවක් නෑ දැනට වැඩිම space එකක් දෙන්නෙ CX නිසා. ගිහින්ම බලන්නකෝ වැඩ ගොඩයි Thumbs up

- Short-Kutz -

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...